Monday, December 25, 2017

"ඒකාබද්ධ පොදුජන පෙරමුණේ" ප්‍රචාරක කටයුතු සිදුකරන ඔබට mahinda.info වෙතින් වැදගත් තොරතුරක්.



ඡන්ද ලකුණ ඇහැට හුරු කරමු - "ඒකාබද්ධ පොදුජන පෙරමුණේ" ප්‍රචාරක කටයුතු සිදුකරන ඔබට mahinda.info වෙතින් වැදගත් තොරතුරක්.

[1]. සමහර පාක්ෂිකයන්ගේ ඡන්ද වැරදි පක්ෂ වලට ලැබීමට සැලකිය යුතු හේතුවක් තමයි සමහරුන්ට ලකුණ අමතක වීම. ගම්වල නෙවෙයි නගරවල පවා ඉන්න තමන්ගේ ජාතික හැඳුනුම් පත් අංකයවත් මතක තියාගන්න වෙලාවක් නැති ජීවන අරගලයක නියැලෙන අහිංසක මිනිස්සුන්ට හරියට තමන් ඡන්දය ප්‍රකාශ කළ යුතු ලකුණ හඳුන්වා දීමත් එය දුටු පමණින් අනිකුත් සලකුණුවලින් පැහැදිලිව වෙන් කර හඳුනා ගන්නටත් හුරු කරවීම කළ යුතු වෙනවා.

[2]. ඔය අපි මේ සයිබරේ දකින ලස්සන පාට පාට සලකුණු ඡන්දේ දවසට නැහැ. ලස්සන නෙලුම් මලක් නෙමෙයි එන්නේ. නෙලුම් මල යටින් පාට ඉරි නෑ. එදාට අතට ලැබෙන්නේ බොහෝම කුඩාවට වගේම, කළු පාටින් පමණක් සටහන් වුණ ඡන්ද ලකුණූ ගොඩක් සහිත පත්‍රිකාවක්.

[3]. ඒ හින්දා කට්ටියට ඕවා අමුතුවෙන් කියන්න ඕන නැතිය කියලා හිතන්නේ නැතිව ආදර්ශ ඡන්දපත්‍රිකා සකස් කරගෙන එය පෙන්වා දෙමින් ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය ගෙයින් ගෙට ගොස් පැහැදිලි කරදීම ඒ ඒ ඡන්ද අපේක්ෂකයින් සතු බරපතලම රාජකාරියක් වෙනවා.

[4]. ෆේස්බුක් නොබලන ප්‍රවෘත්ති අහන්නේ නැති සුළු පිරිසකුත් රටේ ඉන්නවා. ඒ අයට මතක ඇතිව පවසන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ලකුණ බුලත් කොළය නොව පොහොට්‍ටුව බව. විශේෂයෙන්ම සලකුණූ මගඩියක් සඳහා අත ලකුණ උණ්ඩි කරවලා පොහොට්ටුවට සමාන කරන්න හදන මේ වගේ කාලෙක මේ දෙකේ වෙනස දෙපාරක් බලලා තහවුරු කරගෙනම ඡන්දය පාවිච්චි කරවීමට තම ඡන්ද දායකයින්ට සිහි කැඳවීම කළ යුතුමයි.

[5]. ඒ නිසා අපි පුළුවන් තරම් ෆේස්බුක් එකේ සැරි සරණ පෝස්ට් වලට වර්ණවත් විසිතුරු සලකුණු වෙනුවට ඡන්ද පත්‍රිකාවේ සඳහන් වෙන ආකාරයට මේ විදිහට පොහොට්‍ටුව ලකුණ යොදා ගමු. මේ සමග ඇති පින්තූරයේ ආකාරයට ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ලකුණ ඔබගේ ප්‍රචාරක පින්තූර වලට යොදන්න. ඒ වගේම කතිරයෙන් පෙන්වන්නේ කතිරය ගහන විදිහ, කො‍ටුව ඇතුලෙයි ගහන්න ඕනැ. කො‍ටුව කැපෙන්න බෑ.

[6]. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙනී සිටින්නේ විමල් දිනේෂ් ගම්මන්පිල ආදීන්ගේ පක්ෂ සහිත පුළුල් සංධානයකින්. ඒ නිසා පොහොට්‍ටුව අදාළ ඡන්ද කොළයේ ඇති පක්ෂය සඳහන් වන්නේ "ඒකාබද්ධ පොදුජන පෙරමුණ" ලෙසටයි. එනිසා සෑම විටම "ඒකාබද්ධ පොදුජන පෙරමුණ" නැමති නම භාවිතා කරන්න.

මේ පින්තූරය සහ විස්තරය හැකි තරම් Share කර දැනුවත් කරන්න. ඔබගේ පේජ් වලස් සහ ගෲප් වලත් මෙය නැවත පළ කරමින් බෙදා හරින්න.


අනිත් අයටත් කියවීමට Share කරන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස් ඉහත ලිපියට අදාල වන පරිදි වගකීමෙන් යුතුව සහ විනීත භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.