Saturday, November 25, 2017

නාමල් විසින් ඇලෝසියස්ට කතා කළා කියපු UNP බොරුව මාට්‍ටු වෙයි. මෙන්න ඇත්ත.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවස්ථා ඇතුළුව මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අනෙකුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අර්ජුන් ඇලෝසියස්ට කතා කළ බව කියමින් පුවතක් මඩ වෙබ් අඩවියක පසුගිය දිනවල පළ විය. හිරු ගොසිප් වෙබ් අඩවියේ ලෝගෝව අනුකරණය කරමින් එජාපය විසින් සිදුකරන හරි ගොසිප් නැමැති මඩ වෙබ් අඩවියේ එය පළ වුණි.


එය මඩ ප්‍රචාරයක් පමණක් බව සනාථ වීමට කරුණු පහත දැක්වේ.

[1]. එජාපයෙන් කරන ගොසිප් මඩ වෙබ් සයිට් වල මිස කිසිදු ලියාපදිංචි ජනමාධ්‍යයක එවන් පුවතක් පළ වූයේ නැත. අනෙකුත් ලියාපදිංචි ජනමාධ්‍ය වල පළ වූයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකු ප්‍රශ්ණගත බැදුම්කර සිදුවීමට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථනය හරහා සාකච්ජා කර ඇති බවය. අදාල දුරකථන වාර්තාව මෙතනින්. ලියාපදිංචි පුවත්පතක් වන "ලක්බිම" පුවත්පත් වෙබ් අඩවියෙන් මූලාශ්‍රය මෙතනින්. කවරෙක් හෝ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අර්ජුන් ඇලෝසියස් ට කතා කළ බව කියන්නේනම් කිසිදු හෝ පිළිගත් ලියාපදිංචි ජනමාධ්‍යයක එවන් පුවතක් නැත්තේ ඇයි දැයි ඔබ ප්‍රශ්න කළ යුතු ය.

[2]. මේ වන විට පවතින්නේ එජාප ආණ්ඩුවකි. එසේම බැඳුම්කර කොමිසම පත් කරන ලද්දේත් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වූ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ආණ්ඩුව පත් වී දැනට අවුරුදු 3 කට ආසන්න වන අතර අගවිනිසුරු, නීතිපති, පොලිස්පති, පොලිස් කොමිසමේ සභාපති ආදීන්ගේ සිට පොලිසියේ විමර්ශණ නිලධාරීන් දක්වා සියලුම නිලයන් එජාපය විසින් අලුතෙන් පත් කර ඇත. එසේ වී තිබියදී එජාපයෙන් පත් වූ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ එජාප පොලිස් ඇමති සාගල රත්නායක යටතේ ඇති පොලිසියෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදාල දුරකථන සංවාද වසං කරයි කීම කිසි සේත්ම පිළිගත නොහැකි තර්කය කි.

[3]. පසුගිය කාලයේ නොයෙකුත් බොරු චෝදනා එල්ල කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව සිරගත කළ අතර එම එකදු චෝදනාවක්වත් ඔප්පු කරගැනීමට නොහැකිව ඔවුන් නිදහස් විය. ඒ අනුව යම් හෙයකින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇලෝසියස් ට දුරකථන ඇමතුම් දී අති බවට සාක්ෂි තිබේනම් ඒවා සඟවනවා වෙනුවට රජයේ ජනමාධ්‍ය හරහා එය පළකර මේ වන විට ඔවුන්ව අත් අඩංගුවටත් පත්ව තිබෙනු ඇත.

[5]. අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමි‍ටු සාමාජිකයන්ට දුරකථන ඇමතුම් අරගෙන තිබුණේ ඔහුව බැඳුම්කර වංචාවෙන් නිදහස් කරගැනීමට බව ආණ්ඩුවේ ඇමති සහ කෝප් කමි‍ටු සාමාජික දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී කළ "මට ඔහුට උදව් කරන්න බෑ කිව්වා" යන ප්‍රකාශයෙන් පසක් වෙයි. ඒ අනුව අර්ජුන් ඇලෝසියස් කතා කරයිනම් කතා කළ යුත්තේ එක්කෝ කෝප් කමි‍ටුවේ සාමාජිකයන් ටය. නැතහොත් රජයට බලපෑම් කළ හැකි දේශපාලඥයින්ට හෝ නිලධාරීන් ට ය. නැතිව ආණ්ඩුව සමග නඩු කියන ආණ්ඩුව විසින් විටින් විට බොරු චෝදනා නගා සිරගත කරන රාජපක්ෂවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට නොවේ. එමගින්ම එජාප මඩ කරියන්ට තම මඩ ගැසීමවත් සංගත ආකාරයෙන් කරගත නොහැකි අනුකම්පාසහගත ආකාරය පැහැදිළි වෙයි.

එජාප මඩ වෙබ් අඩවියේ පළවූ අසත්‍ය පුවත පළ කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන එජාප ඇමතිවරුන් දෙදෙනෙක් විසින් එය කිසිදු පිළිගත හැකි සාක්ෂියකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.



රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපති ලෙස ඔහුගේ සමීපතම හිතවතෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් ව පත් කළේ ඔවුන් අතර වඩාත් හොඳ විශ්වාසයක් ඇති නිසාවෙනි. යම් හෙයකින් රාජිත සේනාරත්න ඇමතිවරයා පවසන අයුරින් ඔහු රාජපක්ෂවරුන්ට සමබ්න්ධ අයෙක් නම් ඔහුව මහ බැංකු අධිපති ලෙස පත් කරන්නේ නැත. එමගින්ම රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පට්ට පල් බොරුවේ අසංගත බව ඕනැම අයෙකුට වැටහෙයි.



එසේම සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පවසන කරුණටත් අදාල කිසිදු පොලිස් වාර්තාවක් හෝ පිළිගත හැකි ජනමාධ්‍යයක පළවූ වාර්තාවක් නොමැත. එය පළමු වරට පවසන්නේ ඔහු ය. අදාල මඩ පුවත නිර්මාණය කිරීමට සුජීව සේනසිංහ සහ රාජිත සේනාරත්න සම්බන්ධ බවට මෙමගින් පැහැදිළි වෙයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මෙලෙස මඩ ගසන අයට එරෙහිව අපහාස නඩු පැවරෙනු ඇත.


අනිත් අයටත් කියවීමට Share කරන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස් ඉහත ලිපියට අදාල වන පරිදි වගකීමෙන් යුතුව සහ විනීත භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.