Saturday, November 4, 2017

යහපාලනයෙන් ලක්ෂ 4 ක් ‍රැකියා දීම බොරුවක්. ලක්ෂ 4.76 කට ‍රැකියා අහිමි වෙලා. මෙන්න මහ බැංකු වාර්තාවෙන් මූලාශ්‍රය.



[1]. මේ දින වල එක්සත් ජාතික පක්ෂය මගින් මුද්‍රිත, විද්‍යුත් සහ අන්තර්ජාල මාධ්‍ය මගින් තොර ‍තෝංචියක් නැතිව පවසන්නේ නව ‍රැකියා ලක්ෂ 4 ක් බිහි කළ බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස්බුක් පි‍ටුවේම මෙසේ සටහන් කර තිබෙනවා. [මූලාශ්‍රය]




[2]. ඉහත කතාවේ ඇත්ත නැත්ත එක්සත් ජාතික පාක්ෂිකයෙකුට වුණත් පිළිගත හැකි ආකාරයකට දැක ගන්න පුලුවන් මූලාශ්‍රයක් තමයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව. මොකද එය ආණ්ඩුවේම ප්‍රකාශනයක් නිසා.

අපි මුලින්ම 2014 වර්ෂයට අදාල ශ්‍රී ලංකා මහ බංකු වාර්තාව බලමු.

ඕනැම වසරක මහ බැංකු වාර්තාව පිළියෙළ කර නිකුත් වන්නේ ඊළඟ වසරේ අප්‍රියෙල් මාසයේ. ඒ අනුව 2014 වසරේ මහ බැංකු වාර්තාව නිකුත් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ අත්සන සහිතවයි. 2014 මහ බැංකු වාර්තාවේ 3 වැනි පි‍ටුවේ තිබෙනවා අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සන සහිතව එය පිළිගන්වන ලිපිය. [මූලාශ්‍රය]

(i). මෙහි 94 පි‍ටුවේ (PDF 12 පි‍ටුව) ඇති වගුවේ මෙසේ සඳහන් වෙනවා. 2014 වර්ෂයේ (Annual) ‍රැකියා නියුක්තිය 8,424,000 [මූලාශ්‍රය]


(ii). එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇවිත් වසර 2 කට පසුව එනම් 2016 දී මහ බංකු වාර්තාව දෙස බලමු. මෙහි 136 පි‍ටුවේ (PDF 12 පි‍ටුව) ඇති වගුවේ මෙසේ සඳහන් වෙනවා. 2014 වර්ෂයේ ‍රැකියා නියුක්තිය 7,948,000 [මූලාශ්‍රය]




[3]. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරපු මහ බංකු අධිපතිවරයා විසින් නිකුත් කළ මහ බංකු වාර්තා දෙකෙන්ම පේනවා වත්මන් පාලනයේ මුල් වසර දෙක තුළ රැකියා අවස්ථා 476,000 ක් ජනතාවට අහිමි වී ඇති බව.

ආණ්ඩුවෙන් ලක්ෂ 4 ක් ‍රැකියා බිහි කළානම්, පෞද්ගලික අංශයෙනුත් ඇති වන ‍රැකියා අවස්ථා අනුව මේ විදිහට ලක්ෂ 4.76 ක් ‍රැකියා නියුක්තිය පහත යන්නේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේ ‍රැකියාවක් කරමින් තම දරු පවුල් ‍රැක ගත් අයටත් තම ‍රැකියා අහිමි වීමයි සිදුවෙලා තියෙන්නේ.

ජනතා මුදල් කාබාසිනිය කරමින් පුවත්පත් රූපවාහිනී වල දැන්වීම් දමා මේ විදිහට අතේ පැලවෙන බොරු කියමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඔබව ‍රැවටීම යහපාලනය ද?


අනිත් අයටත් කියවීමට Share කරන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස් ඉහත ලිපියට අදාල වන පරිදි වගකීමෙන් යුතුව සහ විනීත භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.