Sunday, August 20, 2017

නාමල් රාජපක්ෂ හෙට නැවතත් අත් අඩංගුවට ගැනීමට සැරසෙයි.


පොලිස් නිලධාරියෙක් හ‍ට "බඩා" ලෙස ඇමතු බව පවසමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාව හෙට අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු සුදානම් කොට ඇති බව වාර්තා වේ. පසුගිය අගහරුවදා රෝහිත රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වූ අවස්ථාවේ ඔහු සමග ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා එහි සිටි මුල්‍ය අපරාධ කොට්ඨාසයේ රනිල් වාදී ගැති අයෙක් හට "හා බඩා" කියා ඇමතු බවත් ඇප පිට සිටින අයෙක් මෙලෙස කටයුතු කිරීම ඉදිරි කටයුතු වලට බාධාවක් බවත් එය තර්ජනය කිරීමක් බවත් දක්වමින් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සදහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පසුගිය සිකුරාදා කොටුව අධිකරණයට මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඉල්ලීමක් කොට ඇත.

එහෙත් එහිදී විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාට අදාළ නඩුවක් පිළිබද පරීක්ෂණ කරනු ලබන නිලධාරියෙක් හට තර්ජනය කළේ නම් එම අවස්ථාවේම අත්අඩංගුවට ගැනීමට හැකියාව පොලිසියට ඇති බවත් බඩා යනුවෙන් පවසා ඇත්නම් එය තර්ජනයක් නොවන බවත් එය තර්ජනයක් ලෙස හැඟෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කොට ඇත. එලෙස පැවසු බවට සාක්ෂිද පෙන්වන්නේ නම් නියෝගයක් නිකුත් කළ හැකි බවත් නැතිව දේශපාලන පළිගැනීම් වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කිරීමට සුදානම් නොමැති බවත් දන්වා ඇත.

කෙසේ නමුත් හෙට දිනයේ අධිකරණ නියෝගයක් ලබා ගෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් සිර කර තබා ගැනීමට ආණ්ඩුවේ ප්‍රබලයින් සැලසුම් කොට ඇති බවත් හෙට සවස් කාලයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා මහා අපරාධ කාරයෙකු ලෙස අත්අඩංගුවට ගෙන රැගෙන යාමේ සුදානමක් පවතින බවත් වාර්තා වේ...


Update 1: මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එමගින් අත් අඩංගුවට ගැනීම දේශපාලන බලාධිකාරය විසින් තාවකාලිකව කල් දමා ඇත. http://www.mahinda.info/2017/08/namal_21.html


අනිත් අයටත් කියවීමට Share කරන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස් ඉහත ලිපියට අදාල වන පරිදි වගකීමෙන් යුතුව සහ විනීත භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.