Saturday, August 19, 2017

තාජුඩීන්ගේ මියයාම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට ගන මඩ සියල්ලම බොරු බව සනාථ වෙයි.

[1]. පළමුවෙන්ම ඔවුන් යෝෂිත රාජපක්ෂ මහතාට චෝදනා කළ අතර, ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කළ නොහැකි බව තේරුණ පසුව නාමල් රාජපක්ෂ මහතාට චෝදනා කළා. ඒ සඳහාත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ යමපාලුවන් දැන් චෝදනා කරන්නේ ශිරන්ති රාජපක්ෂ මැතිණියටයි. ඒවා ගැන අපි එකින් එක බලමු.



[2]. වෙබ් අඩවි මඩ.

(i). වසීම් තාජුඩීන් මහතාගේ අවාසනාවන්ත මිය යාම හදිසි අනතුරක් නොව ඝාතනයක් බව කියමින් පුවත් මැව්වේ lankaleaks.com නැමැති වෙබ් අඩවිය විසිනුයි. මඩ ගැසීම සඳහාම ආරම්භ කළ එකක් බව ඔප්පු කරමින් මේ වන විට එම වෙබ් අඩවිය අන්තර්ජාලයේ ඇත්තේත් නෑ.

(ii). එහිදී එම වෙබ් අඩවියෙන් කියා සිටියේ තජුඩීන්ගේ මරණය පසුපස යෝෂිත රාජපක්ෂ මහතා සිටින බවත්, ඊට හේතු වූයේ යෝෂිතගේත් පෙම්වතිය තජුඩීන් සමග සම්බන්ධතාවයක් පවත්වා ගැනීම නිසා යෝෂිත කළ පළි ගැනීමක් කියලයි. පසුව තවත් මඩ වෙබ් අඩවි ගණනාවකින් එකම පුවත වචන පමණක් වෙනස් කරමින් දිගින් දිගටම පළ කරමින් ගොබෙල්ස්කරනය කළේ තාජුඩීන්ව ඝාතනය කිරීමක් ගැන යෝෂිත මහතාගේ පෙම්වතිය වන යසාරා අබේනායක මෙනෙවිය විසිනුත් චෝදනා කළ බවයි.

(iii). එම මඩ මූලාශ්‍ර කරගනිමින් ඉතාමත් සංවිධානාත්මක ලෙස එජාපයට සම්බන්ධ අනෙකුත් ලියාපදිංචි ජනමාධ්‍ය මාධ්‍ය හරහාත් එම මඩ ප්‍රචාරණය සිදුවුණා.


[3]. තාජුඩීන් 1: යෝෂිත රාජපක්ෂ මහතාට එල්ල කළ මඩ අතේ මාට්ටු.

(i). තජුඩීන්ගේ මිය යාමට යෝෂිත රාජපක්ෂ මහතාව සම්බන්ධ කිරීමට මඩකරුවන් යොදාගත් එකම මූලාශ්‍රය වුයේ යසාරා අබේනායක මෙනෙවිය ඒ ගැන යෝෂිතට එරෙහිව චෝදනා කළ බව කීමයි.

(ii). නමුත් යසාරා අබේනායක මෙනෙවිය, මොහොමඩ් වසීම් තජුඩීන් නැමැත්තෙක්ව කිසිදා දැන නොසිටි බවටත්, එවැන්නෙක් සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බවටත් ප්‍රකාශ කර තිබුණා. පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටම සම්බන්ධ asianmirror.lk වෙබ් අඩවියේ පළ වූ එම පුවතයි. (එජාප වෙබ් අඩවියකින්ම පළ කරන්නේ එජාප පාක්ෂිකයින්ට මධ්‍යස්ථ වෙබ් අඩවි වන්නේ එජාප වෙබ අඩවි පමණක් නිසයි)
Yasara Speaks Up: “I Had No Connection With Wasim Thajudeen”
Thursday, 15 January 2015 19:22
Yasara Abeynayake, who was dubbed in certain media reports as the ex-girlfriend of Yoshitha Rajapaksa, told Asian Mirror that she did not even know nor did she have any connection with Wasim Thajudeen, the Rugby player who was killed in a road accident in 2012. [මූලාශ්‍රය]


(iii). එම ලිපියේ සඳහන් පරිදි වසීම් තජුඩීන්ගේ සහෝදරයා වන අස්ෆාන් තජුඩීන් මහතාත් ප්‍රකාශ කර ඇත්තේ එකී අවාසනාවන්ත මරණය පසුපස අපරාධයක් සිදුවී ඇති බව ඔහුගේ පවුලේ අයවත් විශ්වාස නොකරන බවයි.
Meanwhile, Asfan Thajudeen, the brother of Wasim Thajudeen, said on his Facebook profile a few days ago that his family did not believe there was any “foul play” in connection with the tragic accident which led to the Rugby player’s death. “So far not a single proof of evidence has come up to proof otherwise,” he also added. [මූලාශ්‍රය]

(iv). එසේම රජයට අයත් (වර්තමානයේදීනම් එජාප ආණ්ඩුවේ පාලනයට යටත්ව ඇති) සන්ඩේ ඔබ්සවර් වෙබ් අඩවියේත් එලෙස තාජුඩීන්ගේ සහෝදරයා විසින් මඩ චෝදනා ප්‍රතික්ෂේප කිරීම ගැන පළ වී තිබුණා.
Meanwhile, Asfan Thajudeen, the brother of Wasim Thajudeen, said on his Facebook profile a few days ago that his family did not believe there was any “foul play” in connection with the tragic accident which led to the Rugby player’s death. “So far not a single proof of evidence has come up to proof otherwise,” he also added. [මූලාශ්‍රය]

(v). යසාරා අබේනායක මෙනෙවියගේ සහ අස්ෆාන් තජුඩීන් මහතාගේ එම ප්‍රකාශ සහ යෝෂිත රාජපක්ෂ මහතා එම සිදුවීම කාලයේ ශ්‍රී ලංකාවේ නොසිටි බව සනාථ වීමත් සමගම, යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව එජාප මඩකරුවන්ට තිබූ එකම චෝදනාවත් පුස්සක් බවට පත් වුණා. බොරු හෙළි වී සිය ඡන්ද දායකයන් ඉදිරියේ නිරුවත් වූ යමපාලුවන් සී.එස්.එන් නාලිකාව සම්බන්ධයෙන් බොරු චෝදනා එල්ල කර ඔහුව සිරගත කළා. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙක් අබ මල් රේණුවක තරම් හෝ අධිකරණයේ දැක්විය හැකි සැකයක් හෝ සාක්ෂියක් තිබේනම් යෝෂිත රාජපක්ෂ මහතාව එම හේතුව මත අත් අඩංගුවට ගන්නවා විනා වෙනත් හේතුවකට අත් අඩංගුවට ගන්නේ නෑ. එනමුත් එම CSN චෝදනාද පදනම් විරහිත බව පෙනී යාමෙන් අනතුරුව ඔහු නිදහස් වුණා.




[4]. තාජුඩීන් 2.0: නාමල් රාජපක්ෂ මහතාට එල්ල කළ මඩ අතේ මාට්ටු.

(i). අනතුරුව යමපාලුවන් පැවසූයේ ක‍්‍රීඩා සමාජයක අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් නිසා තාජුඩීන් ඝාතනය වූ බවයි. පහත දැක්වෙන්නේ ඒ ගැන 2016 අප්‍රියෙල් 25 දා ලංකා ඊ වොයිස් වෙබ් අඩවියේ පළවූ ලිපියක්.


(ii). මේ වෙද්දී අවුරුදු 1 යි මාස 4 ක් ගොස් තිබියදීත් නාමල් රාජපක්ෂ මහතාට තාජුඩීන් සිදුවීමට අදාලව අත් අඩංගුවට ගැනීමක් නොකළේ එවන් චෝදනාවක් සම්බන්ධයෙන් කිසිදු සාධාරණ සැකයක් හෝ සාක්ෂියක් නොමැති නිසයි.  ඔහුව අත් අඩංගුවට ගත්තේ කිසියම් සමාගමක මූල්‍ය කටයුත්තකට අදාලව වන අතර එහිදීත් එම චෝදනා පදනම් විරහිත බව පෙනී යාමෙන් ඔහුව නිදහස් කෙරුණා. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙක් අබ මල් රේණුවක තරම් හෝ අධිකරණයේ දැක්විය හැකි සැකයක් හෝ සාක්ෂියක් තිබේනම් නාමල් රාජපක්ෂ මහතාව එම හේතුව මත අත් අඩංගුවට ගන්නවා විනා වෙනත් හේතුවකට අත් අඩංගුවට ගන්නේ නෑ. ඒ වගේම යෝෂිත, නාමල් අත හැර මඩ අවලාද කරුවන් මේ වෙද්දී ශිරන්ති මහත්මිය කරා එන්නේත් නෑ.


[5]. තාජුඩීන් 2.1: ප්‍රභූ පවුල් වල අය තාජුඩීන් ඝාතනය කළ බව CCTV වීඩියෝ තිබෙනවා කීම අතේ මාට්ටු.

(i). තාජුඩීන් ගේ ඝාතනය සිදුවූ ආකාරය සී.සී.ටී.වී කැමරා දර්ශන වල සටහන් වී ඇතැයි ද අදාළ සීසීටීවී දර්ශනවල වසීම් තාජුඩීන් සී.ආර්.ඇන්ඩ්.එෆ්.සී ක්‍රීඩා ශාලාවේ සිට ආහාර ගෙන පිටතට යන දර්ශන සහ ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් ප්‍රභූ පවුල් වල අය පහරදී මරා දමන තෙක් පටිගතවී ඇති බවද  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. එම වීඩියෝව පහතින්.


(ii). එහෙත් ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන්ම හෙළි වූයේ එම වීඩියෝ පට වල රාජිත පවසන කිසිවක් සටහන්ව නැති බවයි. දෛවයේ සරදමකට මෙන් එක්සත් ජාතික පක්ෂයේ ලංකාඩේලි වෙබ් අඩවියෙන්ම තම ඓතිහාසික නා ගැනීම හෙළි කළේ පහත පරිදි යි. [මූලාශ්‍රය]


(iii). එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් සය කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වන අමාත්‍ය රාජිත සේනාරත්න ඉහත වීඩියෝවේ සිදු කරන ප්‍රකාශය අනුව ඔහු බොරු චෝදනාවක් සඳහන් කරමින් ගරු අධිකරණය, පාර්ලිමේන්තුව, පොලිසිය සහ ජනතාව මුලාවට පත් කරන බව සනාථ වී හමාරයි. ගරු අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව සිතා මතාම එසේ සාවද්‍ය තොරතුරු ජනමාධ්‍ය හරහා හෙළි කිරීම මගින් රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකර ඇත්තේ බරපතල වරදක්.  .  


[6]. තාජුඩීන් 3: ශිරන්ති රාජපක්ෂ මහත්මියට එල්ල කළ මඩ අතේ මාට්ටු.

(i). පළමුව යෝෂිතටත් පසුව නාමල් ටත් කළ චෝදනාවන් වලට සාධාරණ සැකයක් හෝ පෙන්වීමට නොහැකි වූ තැන යමපාලුවන් හැරුණේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය දෙසටයි. තාජුඩීන්ව ඝාතනය කිරීම යන චෝදනාව සම්බන්ධයෙන්, රතුකුරුසයෙන් සිරිලිය සවිය ආයතනයට ලබා දුන් ඩිෆෙන්ඩරයක් භාවිතා කළ බව කියමින් ඔවුන් මේ දවස් වල කෑ ගසනවා.

(ii). නමුත් 2015 පාර්ලිමේන්තු මැතිවරණයට පෙරදී රහස් පොලිසියේ අත් අඩංගුවට ගත් එකී ඩිෆෙන්ඩරය ඡන්දයෙන් අනතුරුව නැවතත් රතුකුරුසයට ලබා දීමට රහස් පොලිසිය කැමති වෙන අතර රතුකුරුසයට භාර දෙනවා.  එසේ කරන්නේ රතුකුරුසය වැනි ජාත්‍යන්තර ආයතනයක් තම ආයතන තම දේපල බොරු මඩ වැඩ වලට යොදා ගනිමින් විනාස කරනකම් බලන් ඉන්නේ නැතිව නඩු දාන නිසා.


(iii). එම ඩිෆෙන්ඩරය මනුෂ්‍ය ඝාතනයක ප්‍රබල සාක්ෂියක් නම් මෙසේ නැවතත් එය මුල් අයිතිකරුවන්ට ලබා දෙන්නේ නෑ. ඒ අනුව ඩිෆෙන්ඩර් කතාවත් පුස්සක් බවට පත් වෙනවා.


[7]. 2015 ජනවාරි 8 ට කළින් තාජුඩීන් ගැන කියමින් පොළොවේ පස් කෑ යමපාලුවන් මාස 6 ක් කිසිවක් නොකර ඡන්දයට ඔන්න මෙන්න තිබියදීම 2015 අගෝස්තු 10 දා දේහය ගොඩ ගන්නවා. ඊට සතියකට පසු 17 වැනිදා මැතිවරණය පැවැත්වෙනවා. ඡන්දය අවසන් වූවාට පසුව නැවතත් වළ දානවා. දැන් නැවතත් තාජුඩීන් මහතාගේ දේහය ගොඩ ගන්න හදන්නේ ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් ළඟ එන නිසා විය යුතුයි.


අනිත් අයටත් කියවීමට Share කරන්න.

5 comments:

  1. බොරුවට තැනක් නැත ඇත්ත කවදාහරි එලිවෙනවා ඇත

    ReplyDelete
  2. දෙව්දත් ලා චිංචිමානවිකාවො අජාසත්තයො කේවට්ටයො මූසිලයන් සමග එක්ව කරන යහපාලනය කුමක්ද ?��

    ReplyDelete
  3. The good governance must be cleared

    ReplyDelete
  4. ග්‍රාම සේවක ඔහොම්මමයි

    ReplyDelete
  5. 1970/ 1986 කාලේ මෙරට සිදුවුනු සිදුවීම් පිලිබදව තරුණ පරපුර හරිහටි දන්නේ නෑහෑ. එකල UNP සහ JVP නටපු නරි නඩගම් පිලිබදව නවක පරපුරේ සියලූම දෙනාව දනුවත් කීරීමේ වෑඩ සටහනක් ක්රියත්මක කරන්න.
    එදා මෙයාලගෙන් මෑරුම් කාපු අයගේ පිරිස් තවම ඉන්නවා. එයාලවද සහබාගි කරවා ගෙන හොද program එකක් කරන්න

    ReplyDelete

ඔබගේ අදහස් ඉහත ලිපියට අදාල වන පරිදි වගකීමෙන් යුතුව සහ විනීත භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.