Tuesday, October 3, 2017

බැසිල් උතුරේ දේශපාලනය මෙහෙයවීම පසුපස ඇති රහස මෙන්න

[1]. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් උතුරේ සෘජුවම දේශපාලන කටයුතු වල යෙදුනේ නෑ. ඊට හේතු ගණනාවක් තිබුණා...

i. කොළඹ ඇතුළු රටේ දකුණු ප්‍රදේශ වල සිට උතුරට යාමට විශාල කාලයක් සහ පිරිවැයක් ගත වීම.
ii. යුද්ධය අතරතුර උතුරට යාම දැඩි අනාරක්ෂිත දෙයක් වීම
iii. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයෙන් උතුරු වසන්තය සිදුකරන තුරු උතුරේ සංවර්ධන කටයුතු වලට රටේ ප්‍රධාන පක්ෂ දෙක කටයුතු නොකීරීම නිසා උතුරේ ජනතාවට මුහුණ දීමට නොහැකි වීම
ආදිය ඉන් සමහර කරුණුයි.

එනිසා ප්‍රධාන පක්ෂ දෙකම සිදුකළේ උතුරේ දෙමළ පක්ෂ වල සහය පැතීමයි.



[2]. ශ්‍රී ලංකාව පාලනය කරන පක්ෂ විසින් උතුරට පමණක් සීමා වූ දෙමළ දේශපාලන පක්ෂ වල සහය පැතීම නිසා ශ්‍රී ලංකාවට දිගුකාලීනව සිදුවූ බලපෑම් කිහිපයක් මෙලෙසයි.
i. උතුරේ බොහෝ දේශපාලන පක්ෂයන්හි නායකයින් ඡන්ද ලබා ගැනීමට පහසුම ක්‍රමය ලෙස ජාතිවාදය යොදා ගැනීම. උදා: දෙමළ ජාතික සංධානයේ සමහර නායකයින්.
ii. එකී දේශපාලඥයින් උතුරේ ජනතාවට රටේ අනෙකුත් අයට මෙන්ම ඇති සැබෑ ප්‍රශ්න වෙනුවට "දෙමළ ජනතාවට පමණක් අසාධාරණයක් වී තිබෙනවා" වැනි ව්‍යාජ ප්‍රශ්නයක් මවා පෙන්වීම. උදා: මහින්ද යුගය වෙන තුරු දකුණේ ග්‍රාමීය නිවාස වලට විදුලිය ලැබී තිබුණේ නැත. එවිට උතුරේ ජාතිවාදී දේශපාලඥයා කරන්නේ "නුඹලා දෙමළ නිසා සිංහල ආණ්ඩුව විදුලිය දෙන්නේ නෑ" යැයි පැවසීමයි. මහින්ද ආණ්ඩුව ඇවිත් උතුරු වසන්තය ක්‍රියාත්මක කරන තුරු දිගටම ඡන්ද ලබා ගැනීම සඳහා විදුලිය ප්‍රශ්නයට ඔවුන් විසඳුමක් දුන්නේත් නෑ.
iii. උතුරේ සමහර දේශපාලඥයන් ජාතිවාදී පදනම මත උතුරේ ඡන්ද කිරීම නිසා අවසානයේදී එය බෙදුම්වාදයක් දක්වා වර්ධනය වීම.
iv. ශ්‍රී ලංකාව ග්‍රහණය කරගැනීමට බලන් සිටින බලවත් රටවල් උතුරේ සමහර දේශපාලඥයන්ට මුදල් යහමින් වියදම් කර ජාතිවාදී දේශපාලඥයින් හරහා ඒ රටවල ඇජෙන්ඩාවන් ක්‍රියාත්මක කිරීම. උදා: Divide and rule


[3]. නමුත් උතුරේ දෙමළ ජනතාවට තිබෙන සැබෑ අවශ්‍යතාවයන් බොහෝ අය සිතනවාට වඩා හාත්පසින්ම වෙනස්. ඒවායින් කිහිපයක් පහතින්.
i. නව ව්‍යාපාරික අවස්ථාවන් ලබා ගැනීමේ අවශ්‍යතාවය.
ii. තරුණයින්ට රැකියා ලබා ගැනීමේ අවශ්‍යතාවය.
iii. ස්ථිර නිවාස හදා ගැනීමට ණය ආධාර ලබා ගැනීම.
iv. දූවිල්ල අවම කර ගැනීම සඳහා ක්‍රමවත්ව ගස් සිටවාගැනීම. - දැඩි දූවිල්ල නිසා බොහෝ ජනතාවට පෙණහලු ආබාධ තිබේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම මත එවකට උතුරේ ප්‍රධාන නගර අවට ගස් සිටවූවත් වත්මන් ආණ්ඩුව පැමිණි පසු ඒවා නඩත්තු නොකිරීම නිසා බොහෝ පැළ මැරී ගොස් ඇත.
v. ගොවි බිම් වල අස්වැන්න ක්‍රමවත්ව අලෙවි කරගැනීමේ අවශ්‍යතාවය.
vi. කුල පීඩනය - යාපනය රෝහලට ලේ හිඟ වීම නිසා පසුගිය දා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ භටයන්ට ලේ දන් දීමට සිදුවිය. මේ බව කියන්නේ අපි නොව, එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධන ඇමතිවරයාට අයත් ලංකාදීප පුවත්පතෙනි. සම්පූර්ණ ලිපිය මෙතනින්.


[4]. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය විසින් උතුරු වසන්තය ක්‍රියාත්මක කරන තුරු ලංකාවේ කිසිදු රජයක් උතුරේ ජනතාවට කිසිදු ප්‍රමාණවත් සේවාවක් නොකිරීමත්, මහින්ද රජය ගිය පසු වර්තමාන රජයෙන් එම සංවර්ධන කටයුතු සියල්ලම අතරමග නතර කිරීමත්, දෙමළ සංධානය වැනි පක්ෂ වල දේශපාලඥයින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් නොදී ජාතිවාදය හිඟන්නාගේ තුවාලය කරගෙන තිබීමත් යන කාරණා උතුරේ ජනතාවට දැන් වැටහෙමින් පවතිනවා. මේ බව කියන්නේ අපි නෙමෙයි, යාපනය නල්ලූර් කෝවිලේ ප්‍රධාන ස්වාමිතුමා විසින් බැසිල් රාජපක්ෂ මැතිතුමාව හමුවී පැවසූයේ එවන් කරුණුයි.




[5]. අන්න ඒ හේතු මත බැසිල් රාජපක්ෂ මැතිතුමාට උතුරේ ජනතාවගෙන් විශාල පිළිගැනීමක් ලැබුණා. ඔවුන්ට මතකයි පසුගිය කාලයේ උතුරු වසන්තය ක්‍රියාත්මක වෙද්දී සිදුවුණ සංවර්ධනය සහ දැන් ඒ සියල්ලම එක තැන ඇණ හිටී ඇති අයුරු. ජනතාවට අවශ්‍ය වන්නේ එදා මහින්ද යුගයේදී සිදුකළ සංවර්ධනය නැවතත් ආරම්භ කිරීමටයි. එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහල දැමීමටයි.එතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරේ දේශපාලන සංවිධාන කටයුතු සහ රැස්වීම් ගණනාවක්ම සිදුකළා.



[6]. දැන් තමයි මේ ලිපියේ වැදගත්ම කොටස. බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ දේශපාලන සංවිධාන කටයුතු උතුරේදී කිරීම උතුරේ ජනතාවට පමණක් නොව රටටම විශාල සේවාවක් වීමට තවත් ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඉහත අංක [2] හි දැක්වූ අයුරින් දෙමළ ජාතිවාදී ප්‍රවාහය මත බිහිවූ පක්ෂ වල ඉල්ලීම තමයි උතුරට ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම. යම් හෙයකින් නුදුරේදී ජනමත විචාරණයක් පැවැත්වුවහොත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උතුරේ සියලුම පක්ෂ පෙනී සිටින්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන්. මොකද එම පක්ෂ වල මතවාදය තියෙන්නේ බෙදුම්වාදය මත නිසා ඔවුන්ට ෆෙඩරල් ව්‍යවස්ථාවකට එරෙහි වීමට නොහැකියි. එහිදී උතුරු නැගෙනහිර නොවන ප්‍රදේශ වලින් 60% ක් ජනතාව ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ වුණත්, ජාතිවාදී පක්ෂ වල උසිගැන්වීම මත උතුරේ 80% කට වඩා ජනතාව ෆෙඩරල් ව්‍යවස්ථාවට පක්ෂ වීම යනු ජාත්‍යන්තරව ව බලන කල බරපතල කාරණාවක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "ඒකීය" දේශපාලන මතය උතුරේ සෘජුවම ගෙන යාමේ අවශ්‍යතාවය ඇති වන්නේ මෙනිසයි. එතකොට බැසිල් රාජපක්ෂ මහතා මේ කරන්නේ හුදු දේශපාලන ව්‍යාපෘතියකට ඔබ්බෙන් ගිය, ව්‍යවස්ථා මර උගුලෙන් රට බේරා ගැනීමේ ජාතික කාර්යභාරයක්.

[7]. දැන් උතුරේ දෙමළ ජනතාව ඇත්තටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මතයට එකඟ වී ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දේවිද යැයි ඔබට හිතෙන්නට පුලුවන්. එහෙත් උතුරේ ජනතාවගෙන් බොහෝ පිරිසක් දැනටමත් බෙදුම්වාදයේ අවාසිදායී බව වටහා ගනිමින් පවතින බව බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ රැස්වීම් වලට ආ දහස් ගණන් ජනතාව දෙස බැලීමෙන් ඔබට පෙනෙනවා ඇති. ඒ සඳහා කරුණු කිහිපයක් දක්වන්නම්.
i. උතුරේ ජනතාවට ඇති සැබෑ ප්‍රශ්න මොනවාදැයි ඔවුන් දැන් වටහාගනිමින් පැවතීම. දෙමළ ජාතිවාදී පක්ෂ ජාතිවාදය මාකට් කරන නිසා ඔවුන් සැබෑ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්නේ නැත. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ ද්‍රරිද්‍රතාවය අවසන් වෙනවාට ජවිපෙ අකමැති වන්නා සේ.
ii. උතුරු නැගෙනහිර ෆෙඩරල් වුවහොත් දකුණේ ජනතාව උතුරේ කෘෂි නිශ්පාදන වර්ජනය කිරීමේ අවදානමක් ඇති වීම. ඉන්දියාවේ නිෂ්පාදය පිරිවැය වඩා අඩු නිසා ඉන්දියාවට අපනයනය කිරීමටත් නොහැකි වීම.
iii. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගෙන් 50% කට වඩා ජීවත් වන්නේ උතුරු නැගෙනහිර නොවන ප්‍රදේශ වලයි. උතුරු නැගෙනහිර ෆෙඩරල් වුවහොත් දකුණේ ජනතාව සහ දකුණේ සෙසු දෙමළ ජනතාව අතර සාමය අඩු වීම. මෙනිසා දකුණේ දෙමළ නායකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සහය ගෙන උතුරේ ජනතාව දැනුවත් කරයි.
iv. දකුණේ අති විශාල රැකියා අවස්ථා බිහිවී තිබීම සහ බෙදුම්වාදයට එරෙහිව ගොස් එකම රටක ජීවත් වීමට කැමති වීමෙන් මේ රැකියා අවස්ථා වල නොබියව යෙදීමට පරිසරය නිර්මාණය වීම. උදා: පෙදරේරුවෙකුගේ දිනක වැටුප රු 2500 යි. නුපුහුනු පෙදරේරුවෙකුගේ [අත් උදව් කරුවෙකුගේ] දිනක වැටුප රු 1500 යි. උතුරේ දෙමළ ජනතාව සතියකට දින 6 ක්ම වුවද වැඩ කරන අතර එමගින් ඔවුන්ට උපයිය හැකි ආදායම ඔබම ගණනය කර බලන්න.
v. උතුර ෆෙඩරල් වුවහොත් එය ඉන්දියාවේ ග්‍රහණයට ලක් වීම. ප්‍රශ්නය තමයි තමිල්නාඩුවට වඩා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ආර්ථික අතින් දියුණුයි. එසේනම් වඩාත් දුප්පත් ජනතාවක් වෙසෙන රටක් කෙරෙහි උතුරේ ජනතාව විශ්වාසය තබන්නේ කෙසේ ද යන්න.
ඉහත සියලුම කරුණු වලින් පෙනෙන්නේ බෙදී වෙන් වෙනවාට වඩා එකම රටක ජීවත් වීමෙන් උතුරේ දෙමළ ජනතාවට අත් වෙන වාසි වැඩි බවයි.

මානුෂික මෙහෙයුමේ අන්තිම මොහොතේදී ප්‍රභාකරන්ව බේරා ගැනීමට ඉන්දියාව සූදානම් වෙද්දී බැසිල් රාජපක්ෂ මහතා වහාම දිල්ලියට ගොස් ඔවුන් සමග රාජත්‍රාන්ත්‍රික සාකච්ඡාවක් සිදුකර ඉන්දියාව "හැන්ඩ්ල්" කරගත් හැටි ඔබ අසා ඇති. ඔහුගේ ඊළඟ වැදගත්ම මෙහෙයුම තමයි මේ සිදුවන්නේ.


අනිත් අයටත් කියවීමට Share කරන්න.

1 comment:

  1. අවුරුදු 30ක්පවතිනු බෙදුම්වාදී අරගලය නිසා දෙමල ජනතාවට සිදුවූ දුක්දොම්නස් newathath athiweema welekveemata bedumvadayata erehi veemata demala janathawa denuwath kala yuthuya.

    ReplyDelete

ඔබගේ අදහස් ඉහත ලිපියට අදාල වන පරිදි වගකීමෙන් යුතුව සහ විනීත භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.