Wednesday, October 11, 2017

මහින්ද රාජපක්ෂ මැතිතුමා ව්‍යවස්ථා මර උගුල ගැන පසුගිය වසර 2 පුරාම රට දැනුවත් කරයි.


වත්මන් ආණ්ඩුව විසින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාව දැනුවත් කරනවා මදිදෝ යි අන්තර්ජාලයේ සමහරුන් ප්‍රශ්න කර තිබුණා. සමහරුන් එම ප්‍රශ්නය නගා ඇත්තේ තවමත් අපි බොහෝ දේ දකින්නේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන්ගෙන් වීමත්, එහිදී වත්මන් ආණ්ඩුවේ බලපෑමට ඒ සියලුම නාලිකා අඩු වැඩි වශයෙන් යට වීම නිසා සියලුම මාධ්‍ය ආයතන වලට ආණ්ඩුවට එරෙහි දෑ පළ කිරීම සීමා සහිත වීම නිසයි.

අලුත් ව්‍යවස්ථාවක් ගෙනැවිත් එමගින් රට දෙකඩ කිරීමේ වෑයම පිළිබඳව මුල සිටම ජනතාව දැනුවත් කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය අවුරුදු 2 පුරාවටම දීප ව්‍යාප්ත ජන රැළි සිය ගණන් තබමින් කටයුතු කළ අතර ඒ සම්බන්ධ උදාහරණ කිහිපයක් අන්තර්ජාලය තුළින්ම අප පහතින් දක්වනවා.


"ඒකීය" යන වචනය අලුත් ව්‍යවස්ථාවෙන් ඉවත් නොකර රටේ ඒකීය භාවය නැති කරන බවට මහින්ද රාජපක්ෂ මැතිතුමා විශේෂ නිවේදනයක් මගින් රටට අනතුරු ඇඟවූයේ 2016 දෙසැම්බර් 4 වැනි ඈතකදී යි. දිනය:2016/12/04



13 වන සංශෝධනයට එහා යමින්, බුද්ධාගමේ මුල් තැන අහිමි කරමින් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම නොකළ යුතුයි. දිනය:2016/01/11



"රට ජාතිය නැති කිරීමට ව්‍යවස්ථා සහ නීති සංශෝධන කෙටුම්පත් කිරීම" ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය නිවේදනයක් මගින් රට දැනුවත් කිරීම. එහිදී ව්‍යවස්ථාවක් කඩිමුඩියේ ගෙන එන්නේ 2015 වසරේ ජිනීවා හිදී මේ ආණ්ඩුව සිදුකළ පොරොන්දුවකට අනුව බව එතුමා පෙන්වා දෙයි. දිනය:2016/03/13



ව්‍යවස්ථා මර උගුල මගින් ජනතාව මෝඩයාට ඇන්දවීමේ ආණ්ඩුවේ උත්සාහය සහ ආණ්ඩුවේ ප්‍රශ්න යටපත් කරගැනීම ගැන ගැන හෙළි කරයි. දිනය:2016/01/17



අලුත් ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් රජයක් හැදීමට අප එරෙහි විය යුත්තේ ඇයි. දිනය:2016/11/21



රට ඉදිරියේ ඇති තර්ජනය: ව්‍යවස්ථාව වෙනස් කර රට බෙදා දැමීම. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටනම් පවත්නා ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ආ හැකියි. දිනය:2016/09/24



රට දෙකඩ කරන, බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කරන ව්‍යවස්ථාවක් ගෙන ඒම. විදේශිකයන්ට ශ්‍රී ලංකා රණවිරුවන්ට එරෙහිව නඩු ඇසීමට එමගින් අවස්ථාව ලබා දීමේ ආන්ඩුවේ වෑයම. දිනය:2016/06/26



අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ජනතාව ආණ්ඩුවට බලයක් දී නෑ. ෆෙඩරල් රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙන යනවා. දිනය:2016/02/12



ඒකීය රටක් වෙනුවට ෆෙඩරල් රටක් අලුත් ව්‍යවස්ථාවෙන් හැදීමට යනවාට විරෝධය පළ කරයි. දිනය:2016/11/20



අලුත් ව්‍යවස්ථාව මගින් රට බෙදීමට ආණ්ඩුවට කටයුතු කරන හැටි. දිනය:2016/10/12



අන්තර්ජාලය පිරික්සීමෙන් මේ වගේ තව ඕන තරම් උදාහරණ ඔබට දැක ගැනීමට පුළුවන් වේවි. මෙලෙස රට පුරා ජන රැළි පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට අමතරව විද්වත් සභා ඇති කරමින් විවිධ මට්ටමේ වෘත්තිකයන්ව ව්‍යවස්ථා මර උගුලට එරෙහිව පෙළ ගස්වන්නේද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම අනුව බව නොරහසක්.

මහින්ද රාජපක්ෂ මැතිතුමාට අමතරව ඒකාබද්ධ විප්ක්ෂයේ අනෙකුත් දේශපාලඥයින්ද, එහි සහෝදර පක්ෂ වන විමල් වීරවංශ - උදය ගම්මන්පිල මන්ත්‍රීතුමන්ලාගේ පක්ෂ වලින්ද ව්‍යවස්ථා මර උගුලෙන් රට බේරා ගැනීමට අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවට අප කවුරුත් දන්නවා. අප සියල්ලන්ගේම ඒකමතික අවශ්‍යතාවය වන්නේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් රට දෙකඩ කිරීමේ ආණ්ඩුවේ වෑයම පරාජය කිරීමයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ව්‍යවස්ථා මර උගුලෙන් රට බේර ගන්න කරන්නේ මොනවාද කියල අහන අයට මේ ලිපිය පෙන්වා දෙන්න.


අනිත් අයටත් කියවීමට Share කරන්න.

No comments:

Post a Comment

ඔබගේ අදහස් ඉහත ලිපියට අදාල වන පරිදි වගකීමෙන් යුතුව සහ විනීත භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.